විද්‍යාඥ යුවළක් වන උගුර් සහින් සහ ඔස්ලෙම් ටුරෙසි බෝවන රෝග පිටුදැකීමේ පර්යේෂණ සඳහා තම ජීවිතය කැප කළ, පිළිකා සඳහා පුද්ගලාරෝපිත ප්‍රතිශක්ති චිකිත්සක ප්‍රතිකාර සඳහා පුරෝගාමීව වසර ගණනාවක් කටයුතු කළ යුවලකි.
නව කොරෝනා වෛරස වසංගතය මධ්‍යයේ, මෙම යුවළ විසින් නවීකරණය කරන ලද ජාන කේත ක්ෂේත්රයේ සිදුකරන ලද පර්යේෂණ මගින් ලොව ප්‍රථම ඵලදායී කොවිඩ්-19 වෛරස එන්නත පිටුපස ඇති මොළය ලෙස ඔවුන් මහජන අවධානයට යොමු වී තිබේ.
55 හැවිරිදි සහින් සහ 53 හැවිරිදි ටුරෙසි 2008 දී මධ්‍යම ජර්මානු නගරයක් වන මේන්ස් හි බයෝ එන්ටෙක් ආරම්භ කළහ. එම සමාගමේ හවුල්කරු වන එක්සත් ජනපදයේ ෆයිසර් සමාගම පසුගියදා නිවේදනය කළේ, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූවන් යොදාගෙන සිදුකළ පර්යේෂණවලදී කොවිඩ්-19 ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ අපේක්ෂිත එන්නත 90% කට වඩා ඵලදායී බවක් පෙන්වන බවය.
එන්නත ලබා ගන්නා පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා මෙසෙන්ජර් ආර්එන්ඒ නොහොත් එම්ආර්එන්ඒ නමින් පෙර කිසි විටෙකත් භාවිත නොකළ තාක්ෂණය භාවිත කරන බව කියයි.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උගුර් සහින් මෙම ප්‍රවෘත්තියේ වැදගත්කම පැහැදිලි කළ අතර, ලෝකයට බලාපොරොත්තුවේ පණිවිඩයක් ඉදිරිපත් කළේය.
"එන්නතකින් කොවිඩ්-19 ආසාදන සැබවින්ම වළක්වා ගත හැකි බව අප දැන් තේරුම් ගෙන තිබීම, මම හිතන්නේ මිනිස් සංහතියට ඉතා සුබදායී පණිවුඩයක් වෙනවා." ඔහු කියා සිටියේය.
ෆයිසර් ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා එය හැඳින්වූයේ පසුගිය වසර 100 තුළ ලොවපුරා වෛද්‍ය ක්ෂේත්රයේ සිදු වූ විශාලතම වර්ධනයක් ලෙසිනි.
එහිදී මෙම එන්නත විද්‍යාත්මක ප්‍රජාව විසින් තැබූ විශාල පියවරක් වන අතර, සහින් සහ ටුරෙසි වෛද්‍ය විද්‍යා ජයග්‍රහණය තුළ ලෝකයේ ප්‍රවීණයන් බවට පත්වී ඇත.
පුහුණුවලත් වෛද්‍යවරුන් දෙපළක් වන ඔවුන්, පිළිකා මර්දන ප්‍රතිදේහ නිපදවීම සඳහා 2001 දී ඔවුන්ගේ පෙර සමාගම වන ගැන්මිඩ් ෆාමසියුටිකල්ස් ආරම්භ කළ අතර, අවසානයේ එය 2016 දී ඩොලර් බිලියන 1.4 කට එම සමාගම අලෙවි කළහ.
ජර්මනියේ ධනවත්ම පුද්ගලයන් 100 දෙනා අතර බයෝ එන්ටෙක් ප්‍රධාන විධායක සහින් සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ටුරෙසි ලැයිස්තුගත කර ඇති බව සතිපතා වෙල්ට් ඇම් සොන්ටැග් පුවත්පත වාර්තා කරයි. නැස්ඩැක් හි ඊයේ වනවිට ඔවුන්ගේ සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඩොලර් බිලියන 25.72ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ පැවති ඩොලර් බිලියන 4.6 සිට දැවැන්ත වර්ධනයකි.
කොවිඩ් -19 එන්නත පිළිබඳ ඔවුන්ගේ වැඩ කටයුතු ගෝලීය අවධානයට යොමුවන අතරම, මෙම යුවළගේ පුණ්‍ය කටයුතු සහ ශාස්ත්‍රීය හා විද්‍යාව පිළිබඳ දීර්ඝ කාලීන කැපවීමද සුවිශේෂී බව කියැවෙයි.
සහින් උපත ලැබුවේ තුර්කියේ මධ්‍යධරණි වෙරළ තීරයේ පිහිටි ඉස්කෙන්ඩුරන් නම් නගරයේ ය. රොයිටර් පුවත් සේවයට අනුව ඔහු වයස අවුරුදු හතරේදී ජර්මනියේ කොලෝන්වලට ගියේය. ඔහුගේ පියා ප්‍රාදේශීය ෆෝඩ් කම්හලක සේවය කළේය. තුර්කි වෛද්‍යවරයකුගේ දියණිය වන ටුරෙසි ඔහුට හමුවන්නේ ජර්මනියේදීය.
කෙසේ හෝ ඒ දෛවෝපගත හමුවීම ලෝකයේ කොවිඩ්-19 වෛරසය තුරන් කිරීමේ එන්නත නිපදවීමේ සාර්ථකත්වය බවට පත්වුවහොත්, මෙම විද්‍යඥ යුවළ ඉතිහාසගත වනු ඇති බව නොඅනුමානය.