සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනාන්ගග්වා විසින් චීනයේ සිනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත ඊයේ (24දා) ලබාගෙන තිබේ.
සිම්බාබ්වේ වසංගතයට එරෙහිව සටන් කිරීමේ ප්රයත්නයන් වේගවත් කරමින්, රටේ එන්නත් කිරීමේ දෙවැනි අදියර ආරම්භ කරමින් ජනාධිපතිවරයා එන්නත ලබාගෙන ඇත.
ජනාධිපතිවරයා මෙසේ සීනොවැක් එන්නත ලබාගන්නේ, එරට උප ජනාධිපති කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගාට විසින් මීට පෙර සිය දෙවැනි හා අවසන් සීනොෆාම් එන්නත් මාත්රාව පසුගිය මාර්තු 18දා ලබාගැනීමෙන් පසුවය.
වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ රට පශ්චාත් කොවිඩ්-19 ආර්ථික ප්රකෘතිමත් වීම සහතික කිරීම සඳහා ඇති එකම ක්රමය වන්නේ එන්නත් ලබාගැනීමට සිම්බාබ්වේ වැසියන් දිරිමත් කිරීම බව ජනාධිපති එමර්සන් පවසා සිටියේය.