ස්මාට් මුඛ ආවරණ සහ උණට සංවේදී දොර සීනු ආදී කොවිඩ්-19 වසංගතයේ ආරක්ෂණ නවෝත්පාදන රැසක් CES 2021 තාක්ෂණ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ.
CES යනු පාරිභෝගික තාක්ෂණ සංගමය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික වෙළඳ ප්‍රදර්ශනයක් වන අතර, එය මෙවර එක්සත් ජනපදයේ නෙවාඩා හි වින්චෙස්ටර් හි ලාස් වේගාස් සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී අතථ්‍ය ආකාරයෙන් පැවැත්විණි. සාමාන්‍යයෙන් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්රයේ නවෝත්පාදන හා තාක්ෂණයන් මෙහිදී ඉදිරිපත් කරයි.
ඒ අනුව කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ලෝකය වෙත ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය නවෝත්පාදන රැසක් මෙවර ප්‍රදර්ශනයට ඉදිරිපත්ව තිබූ අතර, වායු පවිත්රකාරක, විෂබීජ නාශක පාරජම්බුල උපකරණ සහ තවත් බොහෝ උපාංග ඒ අතර දක්නට ලැබුණි.
මෙම ස්මාට් මුඛ ආවරණයෙහි ආශ්වාස සම්බන්ධ දත්ත, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය ග්‍රහණය කරන සංවේදක ඇත. එය ඔබගේ ස්මාට් ජංගම දුරකතනයට බ්ලූටූත් හරහා සම්බන්ධ වන අතර ඔබේ හුස්ම ගැනීමේ වේගය, වාතයේ ගුණාත්මක දර්ශකය සහ තවත් දේ කියනු ඇත. ඔබ මුඛ කොපමණ කාලයක් පැළඳ ඇත්දැයි එය දන්නා බැවින්, එහි පෙරණය වෙනස් කළ යුතු අවස්ථාවද ඔබට දන්වනු ඇත.
මීට අමතරව, ඔබේ මොනිටරය සහ යතුරුපුවරුව අතර රැඳවීමට නිර්මාණය කර ඇති UV-C LED ඩෙස්ක්ටොප් විෂබීජ නාශකය සෑම පැයකටම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් බැක්ටීරියා, වෛරස්, දිලීර කිරීමේ පාරජම්බුල කිරණක් විහිදුවයි.
ඔබේ මේසය වටා වාත්රාශයේ ගුණාත්මකබව ගැන ඉඟියක් ලබාදෙන Mini Air Purifier උපැංගය අයිෆෝනය සමග සම්බන්ධ වෙමින් නිරන්තර තොරතුරු ලබාදීමක් සිදුකරයි.