න්‍යෂ්ටික සබ්මැරීන මිලදී ගැනීම වෙනුවෙන් වොෂිංටනය සහ ලන්ඩන් සමග සාකච්ඡා කරමින් ඔස්ට්‍රේලියාව විසින්, ප්‍රංශයේ ගනුදෙනුව අවලංගු කිරීමේ සිදුවීම මේ වනවිට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි නොසන්සුන්තාවක් ඇති කර තිබේ.
මීට පෙර ප්‍රංශය විසින් එම රටවල සිටි සිය තානාපතිවරු වහාම යළි කැඳවීමට තීරණය කළ අතර, මෙය කිසිසේත්ම නොවිය යුත්තක් බව ප්‍රංශයේ අදහස විය.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව කියා තිබුණේ මෙය තම රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබී තීරණයක් බවය. නමුත් මීට පෙර න්‍යෂ්ටික බලයක් නොතිබුණු ඔස්ට්‍රේලියාව කලාපය තුළ න්‍යෂ්ටික අවි තබාගැනීම අසල්වැසි රටවලද කෝපය අවුලුවා තිබේ.
ඒ අනුව මෙහි නවතම සිදුවීම ලෙස මේ සතියේදී සැලසුම් කළ ප්‍රංශයේ සන්නද්ධ හමුදා ඇමති ෆ්ලෝරන්ස් පාර්ලි සහ ඇගේ බ්‍රිතාන්‍ය සගයා අතර පැවත්වීමට තිබූ හමුව ප්‍රංශය අවලංගු කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.