එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සම්බන්ධතාවය අවසන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට අනුව හෙතෙම කටයුතු නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (01දා) ජිනීවාහි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"එක්සත් ජනපදයේ රජය හා ජනතාව සමග ඇතිකරගත් ශක්තිමත් සහයෝගීතාවයෙන් ලෝකය දිගු කලක් තිස්සේ ප්‍රයෝජන ලබා තිබෙනවා. ගෝලීය සෞඛ්‍යය සඳහා එහි ජනතාවගේ දායකත්වය සහ ත්‍යාගශීලීභාවය අතිමහත්. ඒ අනුව මේ සහයෝගීතාව දිගටම පවත්වාගෙන යාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැතුමයි." අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට වැඩි ඇඟෑලුම් බවක් පෙන්වන බව ට්‍රම්ප්ගේ මූලික චෝදනාව වූ අතර, කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා මූලිකව ක්‍රියාත්මක නොවූ බවටද චෝදනා කළේය. ඒ අනුව එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති සබඳතාව අවසන් කරන බවට ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම තර්ජනය කළ අතර, ඒ සඳහා වූ අරමුදල් තාවකාලිකව අත්හිටුවීමක්ද සිදුකර තිබේ.