කොවිඩ්-19 වැළැක්වීම සඳහා සීනොෆාම් හි වූහාන් ආයතනය විසින් නිපදවන ලද එහි දෙවැනි හා නව කොවිඩ්-19 එන්නතක් 72.51%ක් ඵලදායී බව සමාගම ඊයේ (24දා) නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව චීනයේ ඖෂධ නියාමකයන් වෙත මෙම එන්නත සම්බන්ධයෙන් කොන්දේසි සහිත වාණිජ අනුමැතියක් සඳහා ඉල්ලුම් පත්රයක් යොමු කළ බවද චීන සමාගම වැඩිදුරටත් පවසයි.