ඉක්වදෝරයේ රජය චීනයේ සීනොවැක් සමාගම සමග ගිවිසුමකට එලැඹෙමින්, කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 2 ක් මිලදී ගැනීමට සාකච්ඡා කර තිබේ.
සාත්තු නිවාසවල සිටින සෞඛ්‍ය වෘත්තිකයන් සහ වැඩිහිටියන් සඳහා ෆයිසර් එන්නත මාත්‍රාව සමග ඉක්වදෝරය විසින් ජනවාරි මාසයේදී එන්නත් කිරීමේ නියමු අදියරක් ආරම්භ කළද, අමතර එන්නත් මාත්‍රා ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව සීනොවැක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත ඉක්වදෝරයේ නියාමකයා විසින් අනුමත කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය ජුවාන් කාලෝස් සෙවලොස් පැවසුවේ පළමු නැව්ගත කිරීම මාර්තු මාසයේදී ඉක්වදෝරයට පැමිණෙන බවත් ඉතිරි ඒවා අප්‍රේල් මාසයේදී ලබාදෙනු ඇති බවත්ය.
සීනොවැක් ගනුදෙනුවත් සමග ඉක්වදෝර රජය මේ වසරේදී මාත්‍රා මිලියන 20ක් පමණ ලබාගැනීමට අපේක්ෂා කරයි. එය වයස අවුරුදු 18ට වැඩි ජනගහනයෙන් 60%කට ප්‍රතිශක්තිකරණය කිරීමට ප්‍රමාණවත් බව ඔවුන් කියයි.