චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් හදිසි භාවිතය සඳහා නිපදවන කොරෝනාවැක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත හොංකොං සෞඛ්‍ය බලධාරීන් විසින් නිල වශයෙන් අනුමත කර ඇති බව හොංකොං රජය පවසයි.
මෙම හරිත එළිය පැමිණියේ අඟහරුවාදා විශේෂඥ කමිටුවක නිර්දේශයෙන් පසුවය. එහි සඳහන් වී තිබුණේ, එන්නතෙහි ප්රතිලාභ අවදානම්වලට වඩා වැඩි බවය.
ඒ අනුව හොංකොං වෙත පැමිණෙන එන්නතෙහි පළමු එන්නත් මාත්‍රා තොගය බීජිං හි නිෂ්පාදන කම්හලකින් පිටත්ව ගොස් ඇති අතර, අද (19දා) දහවල් හොංකොං වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එහිදී හොංකොං රජය අවශ්‍ය තත්ත්ව පරීක්ෂාවෙන් පසු එන්නත ලබංදීම හැකි ඉක්මනින් ආරම්භ කරනු ඇත.
මේ අතර හොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් ඊයේ (18දා) සිය ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ මෙම එන්නත ලබාගැනීමට තමන්ද සූදානමින් සිටින බවයි.