සෙනගාලය ලබන අඟහරුවාදා කොවිඩ්-19 එන්නත්කරණය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන බව එරට සෞඛ්‍ය හා සමාජ ක්‍රියාකාරී අමාත්‍ය අබ්දුලායි ඩියූෆ් නිවේදනය කරයි.
අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමෙන් පසු මහා පරිමාණ එන්නත් කිරීමේ මෙහෙයුම අමාත්‍යාංශය විසින් දියත් කරන බව සෙනෙගාල මහජන රූපවාහිනිය ඔස්සේ මෙසේ පවසා සිටියේය.
චීනයේ සීනොෆාම් වෙතින් ලබාගත් කොවිඩ්-19 එන්නතෙහි පළමු වැනි මාත්‍රාව බදාදා රාත්‍රියේ සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් පිළිගන්නා ලදී.
සීනොෆාම් එන්නත් මාත්‍රා 200,000කට අමතරව, තම රට වෙනත් එන්නත් ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත්, ඉදිරි සතිවලදී එන්නත් මාත්‍රා මිලියන 6.798ක් ලබා ගන්නා බවත් ජනාධිපතිවරයා කීවේය.
එරට පළමු අදියරේ එන්නත්කරණය යටතේ මිලියන 3.5ක් පමණ වන ජනගහනයෙන් 20%කට එන්නත ලබා දීමට රට සැලසුම් කර තිබේ.
සෙනෙගාලයෙ හි කොවිඩ්-19 ආසාදිතයන් 32,099ක් සහ මරණ 781 ක් වාර්තා වී තිබේ.