එක්සත් ජනපදයේ සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන් 08 දෙනෙකු පසුගිය මාසයේ කොවිඩ්-19 ආසාදනයට ලක්වූ අතර, මේ වනවිට එම සතුන් සම්පූර්ණ සුවය ලබා ඇති බව සත්වෝද්‍යානය පවසයි.
බටහිර පහත්බිම් ගෝරිල්ලන් කෙසේ කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් පසුව එම සතුන් හුදෙකලා කිරීමට සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කළේය.
එහිදී ගෝරිල්ලන් සමහර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුණේ, මෘදු කැස්ස, නාසය සිරවීම, හොටු දියර ගැලීම සහ වරින් වර උදාසීන වීම ආදී වශයෙනි.
සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය කණ්ඩායම, වනජීවී රැකවරණ වෘත්තිකයන් සහ පුළුල් පරාසයක සගයන් සහ හවුල්කරුවන් සමග සහයෝගයෙන් ලබාදුන් ඉහළම මට්ටමේ රැකවරණය තුළ ගෝරිල්ලන් සුවය ලැබූ බව සත්වෝද්‍යාන බලධාරීන් ගෞරවයෙන් සිහිපත් කරයි.