සෞධි අරාබියේ ආහාර හා ඖෂධ අධිකාරිය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 ආරක්ෂණ එන්නත භාවිත කිරීමට අවසර දී ඇති බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරයි.
මේ අතර, නයිජීරියාවේදීද ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත භාවිත කිරීම සඳහා එරට ආහාර හා ඖෂධ පරිපාලන හා පාලනය පිළිබඳ ජාතික ඒජන්සිය අනුමත කර ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් මොජිසෝලා අඩෙයි මාධ්‍යයට පැවසීය.
එමෙන්ම ජාත්‍යන්තර COVAX වැඩසටහනෙන් පරිත්‍යාග කරන ලද පළමු එන්නත් කාණ්ඩය ලෙස මාර්තු 2 වැනි දින පාකිස්තානයට ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත මාත්‍රා මිලියන 2.8ක් ලැබෙනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් සුල්තාන් පවසයි.
ඒ අනුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා පොදු එන්නත ලබාදීමේ වැඩසටහනක් සඳහා මෙම තොගය භාවිත කරන බව ඔහු ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.