දකුණු කොරියාව සති කිහිපයකට පසුව ගෙවීගිය දිනයේදී නව කොරෝනා වෛරස ආසාදිතයන් 40ක් වාර්තා කර ඇති බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධයස්ථානය පවසයි.
දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව මෙම නව ආසාදිතයන්ගෙන් 37ක් දේශීයව සම්ප්‍රේෂණය වූවන් බව විශ්වාස කෙරෙයි.
අවසන් වරට දකුණු කොරියාවේ දෛනික සිද්ධි සංඛ්‍යාවේ යම් ඉහළ අගයක් පෙන්වා තිබුණේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය.
එතැන් සිට, බොහෝ දුරට දෛනික ආසාදිත අගය 30ක් හෝ ඊට අඩු මට්ටමක පැවතුණි. විශේෂයෙන්ම දකුණු කොරියාවේ මත්පැන් හල් සහ රාත්‍රී සමාජ ශාලා සඳහා ජනප්‍රියත්වයක් උසුලන ඉටෙවෝන් හි විනෝදාත්මක දිස්ත්‍රික්කයෙන් මතු වූ නව පොකුරත් සම එරට තුළ යළිත් කොරෝනා බිය මතු කළේය.
ඒ අනුව එම නව පොකුර මුලින්ම වාර්තා වූ පසුගිය මැයි 9 වැනි දින සිට මේ දක්වා එම ආසාදිත පොකුරේ පමණක් නව ආසාදිතයන් 250ක් වාර්තා වී ඇති බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව දකුණු කොරියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය මේ වනවිට 11,265ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 269කි.