චීන රජය විසින් සුඩානයට පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් ඊයේ (26දා) එරටට ළඟාවී තිබේ.
මෙම එන්නත් තොගය කාර්ටෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සුඩානයේ චීන තානාපති මා ෂින්මින්, සුඩානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා පිළිබඳ උසස් කමිටුවේ සභාපති සිද්දික් ටාවර් සහ සුඩානයේ සෞඛ්‍ය අමාත්‍ය ඔමර් අල්-නජීබ් විසින් පිළිගන්නා ලදී.
මේ අතර, මෙක්සිකෝව සිය පස්වැනි කොවිඩ්-19 මර්දන එන්නත් තොගය චීනයේ සීනොවැක් බයෝටෙක් වෙතින් ලබාගෙන තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන මෙක්සිකෝව වෙත සීනොවැක් වෙතින් එන්නත් මාත්‍රා මිලියනයක් ලැබී ඇති අතර, මේ සමග සමස්ත එන්නත් ප්‍රමාණය මිලියන 4ක් වී ඇත.
එසේම, කාම්බෝජය විසින් මිලදී ගන්නා ලද පළමු වැනි සීනොවැක් එන්නත් තොගය එරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී ඇති බවද වාර්තා වෙයි.
විදේශයන්ට එන්නත් පරිත්‍යගයන් ලෙස හෝ ඇණවුම් ලෙස ලබාදෙමින් සිටින චීනය රට තුළද එන්නත් ක්‍රියාවලිය වේගවත් කරමින්, පසුගිය බ්‍රහස්පතින්දා වනවිට රට පුරා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 91.34කට වැඩි ප්‍රමාණයක් පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
මීට අමතරව, බීජිං නගරයේ කොවිඩ්-19 මර්දන එන්නත්කරණය එහි වෙහෙසන විදේශීය ජාතිකයින් සඳහා ආරම්භ කර ඇති බවද නාගරික විදේශ කටයුතු කාර්යාලය පවසයි. එම ප්‍රකාශයට අනුව, ස්වෙච්ඡා සහභාගීත්වයෙන් හා දැනුවත් කැමැත්තෙන්, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විදේශීය ජාතිකයන්ට එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ඔවුන්ගේ සේවායෝජකයන් හෝ අසල පිහිටි ප්‍රාදේශීය නේවාසික ප්‍රජා කාර්යාල හරහා එන්නත් කිරීම හරහාය. බීජිං හි සමාජ වෛද්‍ය රක්ෂණ ක්‍රමයට අනුගත විදේශිකයන්ට නොමිලේ එන්නත ලබාදෙන බවත් කියයි.