කොවිඩ්-19 සම්භවය සොයා ගැනීමේ මෙහෙයුම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් මෙන්ම, එය ස්වාධීන අධ්‍යයනයක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් ඊයේ (15දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
"මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයනයක් හෝ පරීක්ෂණයක් බව මට බොහෝ වාරයක් අසන්නට ලැබුණා. එය එසේ නොවෙයි. එය ස්වාධීන විශේෂඥයන්ගෙන් සමන්විත වූ, ස්වාධීන අධ්‍යයනයක් බව සඳහන් කළ යුතුයි." ටෙඩ්රොස් පැවසීය.