ලොවපුරා පවතින භයානක වසංගතයෙන් හා ළමයින් හා නව යොවුන් වියේ දරුවන් ඉලක්ක කර අලෙවි උපක්‍රම යොදාගනිමින් වාසි ලබාගැනීමේ ක්‍රියාව නවත්වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ලොව පුරා දුම්කොළ හා නිකොටින් කර්මාන්තයේ නිරත සමාගම්වලට අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්යක්ෂ රූඩිගර් ක්‍රෙච් කියා සිටියේ ලොව පුරා මිලියන 40කට අධික යෞවනයන් මේ වන විටත් දුම්කොළ භාවිතය ආරම්භ කර ඇති බවයි.
"අප විශාල දියුණුවක් ලබා තිබෙනවා. නමුත් අපට යම් පසුබෑමක්ද ඇති වී තිබෙනවා. මොකද අප පරෙස්සම් නොවන්නේ නම්, දුම්කොළ කර්මාන්තය දිගටම තවමත් පවතින හෙයින් සහ නව තරුණ පරම්පරාවක් එහි නිෂ්පාදන සඳහා සම්බන්ධ කර ගැනීමට ඔවුන් අලෙවි උපක්‍රම යොදමින් අපේක්ෂා කරන හෙයින්, අපට දුම්කොළ ආශ්රිත නිෂ්පාදන පාලනය අඩාල විය හැකියි" ක්‍රෙච් පැවසීය.
සෑම වසරකම මැයි 31 වන දිනට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක දුම්වැටි විරෝධී දිනය (WNTD) සමරන්නේ දුම්පානයෙන් සිදුවන මාරාන්තික බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම සඳහාය.
"මේ භයානක වසංගතය අතරතුරදී දුම්පානය කරන්නන් සිය දහස් ගණනක් ඒ පුරුද්දෙන් ඉවත්වීමට කැමති බව අපට පෙනෙනවා. දුම්කොළ නැවැත්වීමේ වැඩසටහන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. දුම්පානය නතර කිරීමට ජනතාවට සහාය වන ලෙස අප වෙත ඉල්ලීම් ලැබී තිබෙනවා." ක්‍රෙච් පැවසීය.
මෙක්සිකෝව, ඉන්දියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවල් මෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ සමහර ප්‍රදේශවල වසංගතය අතරතුර දුම්පානය අත්හැරීමේ වර්ධනයක් දක්නට ලැබේ.