කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මූලාරම්භය අධ්‍යයනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ට ආරාධනා කරන ලෙස චීනය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියි.
විවෘත, විනිවිද පෙනෙන හා විද්‍යාත්මක ආකල්පයක් පවත්වා ගෙන යන ලෙසත්, එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය සම්බන්ධ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයන්ට ආරාධනා කරන ලෙසත් චීන විදේශ අමාත්‍යංශය බදාදා වොෂිංටනයෙන් ඉල්ලීමක් කළේය.
අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මෙම ප්‍රකාශය සිදු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන විශේෂඥයන් එක්ව වූහාන් හි සිදුකළ අධ්‍යයනය පිළිනොගන්නා බවත්, එක්සත් ජනපදය ස්වකීය බුද්ධි අංශ උපයෝගී කරගනිමින් ස්වාධීනව සත්‍ය සොයා ගන්නා බවත් පැවසීමෙන් පසුවය.
2019 දෙවැනි භාගයේදී ලොව පුරා විවිධ ස්ථානවල නව කොරෝනා වෛරසය මතු වී ඇති බව විවිධ පර්යේෂණවලින් හෙළි වී ඇති බව පෙන්වා දුන් වැන්ග්, වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම සංකීර්ණ විද්‍යාත්මක කාරණයක් වන අතර එය ගෝලීය විද්‍යාඥයන් විසින් සිදුකළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ විශේෂඥයන්ද එක්වූ ඒකාබද්ධ අධ්‍යයන මෙහෙයුම පසුගියදා අවසන් වූයේ නව කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා සිදුකරන ගෝලීය මෙහෙයුමේ කොටසක් ලෙසිනි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක පැවසුවේ නව කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීමට සහ ඔවුන්ගේ සොයාගැනීම් බෙදා ගැනීමට අදාළ රටවලට විද්‍යාත්මක ආකල්පයක් තබා ගත හැකි බව චීනය බලාපොරොත්තු වන බවය.