කොවිඩ් -19 වැනි කොරෝනා වෛරසවලට වසංගතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බව ලෝකය හමුවේ ප්‍රකට කර ඇති බැවින්, ලෝකයට විශ්වීය කොරෝනා වෛරස ආරක්ෂණ එන්නතක් අවශ්‍ය බව වෛද්‍ය ඇන්තනි ෆවුසි අවධාරණය කරයි.
එක්සත් ජනපද ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ ෆවුසි, ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, "විශ්වීය කොරෝනා වෛරස එන්නත ලෙස අප හඳුන්වන දේ, දියුණු කිරීමේ හැකියාව විද්‍යාත්මකව ලෝකයට තිබෙනවා. වෙනත් වචනවලින් කිවහොත්, අවම වශයෙන් සියලුම SARS-CoV-2 ප්‍රභේද හෝ විකෘති පමණක් නොව, කොරෝනා වෛරස පවුලේ සමස්ත ප්රභේදයන්ම ආවරණය කරන එන්නතක් අවශ්‍යයි." යනුවෙනි.
2003-2004 දී SARS නමින් හැඳින්වෙන කොවිඩ්-19 වෛරස පවුලේ සාමාජිකයෙකු ඉස්මතු වී, එය නැවැත්වීමට පෙර 800කට ආසන්න පිරිසක් මිය ගියේය. ඒ හා සම්බන්ධ වෛරසයක් වන MERS, විටින් විට මිනිසුන් මරා දමන අතර තවත් කොරෝනා වෛරස් කිහිපයක් උණ රෝග ලක්ෂණ ඇති කරයි.
"ඔබ සහ මම සෑම ශීත කාලයකදීම නැවත නැවතත් අත්විඳින උණ සහ සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයන්ගෙන් 15%ක් හෝ 30% ක්ම කොරෝනා වෛරසයන්ට අයත් වෙනවා. සාමාන්‍යයෙන් ඒවායින් හතරක් මේ කාණ්ඩයට අයත් වෙනවා" ෆවුසි පැවසුවේ මෙම වෛරස මීට වසර සිය ගණනකට පෙර මිනිස් ශිෂ්ටාචාරයට විශාල වසංගතයක් ලෙස බලපා ඇති බවත්, අවසානයේ එය අද අප දන්නා හුරුපුරුදු උණ වෛරසයක් බවට පත්ව ඇති බවත්ය.
"ගෙවීගිය වසර 18ක් තුළ අපට වසංගත හෝ වසංගත විභවයක් ඇති අවස්ථා තුනකින් දැන් බැටකා තිබෙනවා. මේ තත්ත්වය තුළ විශ්වීය කොරෝනා වෛරස එන්නතක් නිපදවා ගැනීමට නොහැකි වීම ගැන අප ලැජ්ජා විය යුතුයි." ෆවුසි පැවසීය.