දකුණු කොරියාවේ පාසල් 500කට වැඩි ප්‍රමාණයක් නැවත විවෘත කිරීමෙන් පසු ඊයේ (29දා) දිනයේ සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.
සෝල් අනගරය ආසන්නයේ පිහිටි සැපයුම් මධ්‍යස්ථානයක මේ සතියේ මතුවූ නව පොකුරක් පාලනය කිරීමේ අරමුණින් බලධාරීන් මෙම පියවර ගනිමින් සිටියි.
ඒ අනුව රටේ මිලියන 52කට ආසන්න ජනගහනයෙන් අඩක් පමණ වාසය කරන සෝල් අගනගරයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන උද්‍යාන, කලාගාර, කෞතුකාගාර සහ රංගශාලා ද ඉදිරි සති දෙක සඳහා මහජනතාව සඳහා වසා දමා ඇත.
රජය විසින් අගනගරයේ පැවැත්වීමට සූදානම් වූ කටයුතු අවලංගු කිරීම හෝ කල් දැමීම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ බ්‍රහස්පතින්දා පැවසීය. පෞද්ගලික අධ්‍යාපන ආයතන සහ අන්තර්ජාල කැෆේ ජුනි 14දා දක්වා වසා දැමිය යුතු බවට බලධාරීන් නිර්දේශ කර තිබේ.
ඉදිරි දෙසතිය තුළ එළිමහනට යාම හෝ උත්සව පැවැත්වීමෙන් වළකින ලෙස පාක් විසින් සෝල් අගනගරයේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඊයේ වනවිට ආසාදිතයන් 100කට ආසන්න සංඛ්‍යාවක් මෙම සැපයුම් මධ්‍යස්ථාන පොකුරට සම්බන්ධ වී ඇති බව උප සෞඛ්‍ය අමාත්‍ය කිම් ගං-ලිප් පැවසීය.
මෙය දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ජාලා පොකුරට පසුව ඇති වූ නව පොකුරක් වන අතර, නගරය ක්‍රමයෙන් විවෘත වනවිට මෙහි බරපතළ බව වර්ධනය විය.
ඒ අනුව මේ වනවිට එහි සේවකයන් 4,351 දෙනෙකුගෙන් 3,836 දෙනෙකු සහ මධ්‍යස්ථානයේ අමුත්තන් පරීක්ෂාවට ලක් කර ඇති බව සඳහන් වේ.
දකුණු කොරියාවේ සමස්ත ආසාදිත අගය අද (30දා) උදෑසන වනවිට වාර්තා වී තිබුණේ 11,441ක් වශයෙනි. එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 269ක් වෙයි.