වයස 35ට වැඩි අයට ත්‍රිරෝද රථ පැදවීමට හැකි ලෙස ගෙනා නීතියට තමා විරුද්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ මාතර උයන්වත්ත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"35 වැඩි අයකට ත්‍රිරොද පදවන්නට හැකි විදියට ගෙනාපු නීතියට මම විරුද්ධයි. මම ඉල්ලීමක් කළා මේක 25 දක්වා අඩු කරන්න කියලත්. කෙනෙකුට රස්සාවක් කරන්න තියෙන අයිතියට අපි ඉඩ දෙන්න ඕනෙ" යැයි සඳහන් කළේ ය.