වර්තමාන ආර්ථික අභියෝග හමුවේ විචක්ෂණශීලීව, අවුට් ඔෆ් ද බොක්ස් (සාමාන්‍ය රාමුවෙන් පිට සිතා) තීරණවලට එලැඹිය යුතු බවත්, වර්තමාන ආර්ථික කළමනාකරණය හරහා දියත් කරගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග සමග, 2022 වනවිට වඩාත් යහපත් තත්ත්වයකට ආර්ථිකය නැවත පිවිසෙනු ඇති බව රටට, රජය ලබාදෙන පණිවුඩය බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අද (05දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"2015 සිට 2019 දක්වා රටේ ආර්ථිකය දුර්වල වීම ගැන කතා කළොත්, ප්‍රධාන වශයෙන් ආර්ථක වර්ධන වේගය 6.8% සිට 2.3% දක්වා අඩුවීමක් සිදුවුණා. ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 3,819 සිට ඇ.ඩො. 3,852 දක්වා ඩොලර් 33කින් පමණක් මේ කාලය තුළ වැඩි වුණා. දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බිලියන 80 සිට බිලියන 84ක් දක්වා පමණක් වර්ධනයක් පෙන්වනවා. ණය බරතාවය ද.දේ.නිෂ්පාදිතයට සාපේක්ෂව 72% සිට 87% දක්වා වැඩිවුණා. ඒ වගේම ණය තොගය රු.ට්‍රිලියන 7.5 සිට 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ පොලී වියදම ද.දේ.නිෂ්පාදිතයට සාපේක්ෂව 4.2% සිට 6.0% දක්වා වැඩි වුණා. රුපියලේ අවප්‍රමාණය නිසා ණය තොගය රු.බිලියන 1,772කින් වැඩිවීමක් පෙන්වනවා. ස්වෛරී බැඳුම්කර පොලී අනුපාතය 5.8% සිට 7.8% දක්වා වැඩිවුණා. අපනයන සාමාන්‍යයක් ලෙස පැවතියේ ඇ.ඩො.බිලියන 11.1ක මට්ටමේමයි. ආනයන/අපනයන ශේෂය ඇ.ඩො.බිලියන 7.6 සිට බිලියන 9.3 දක්වා වැඩි වුණා. වසර 5 තුළදී, අලුතින් ඇ.ඩො.බි. 12ක ස්වෛරී බැඳුම්කර ණය නිකුත් කර තිබුණද, විදේශ සංචිත ඇ.ඩො.බිලියන 8.2 සිට බිලියන 7.6ක් දක්වා පහළ ගොස් තිබුණා.
ඉන් නොනැවතී, රටේ අයවැය හිඟය 5.7% සිට 9.6% දක්වා වැඩි වුණා. සේවා නියුක්තිය මිලියන 8.4 සිට 8.2ක් දක්වා අඩු වුණා. මහ බැංකුව විසින් රැගෙන තිබූ භාණ්ඩාගාර බිල්පත් ශුන්‍ය සිට රු.බිලියන 75ක් දක්වා වැඩි වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 131 සිට 182 දක්වා 39%කින් පමණ අවප්‍රමාණය වීමක් දක්නට ලැබුණා. රුපියලේ අගය රඳවා ගැනීමට මහ බැංකුවේ විදේශ විනිමය ඇ.ඩො.මිලියන 3,089ක් විකුණුවා. එසේ නොකළා නම්, සංචිත ප්‍රමාණය අඩු තරමින් ඇ.ඩො.බිලියන 10.7ක් දක්වා වැඩි වන්නට තිබුණා. රටේ ණය ශ්‍රේණිය BB -(Stable) සිට B (Negative) දක්වා අදියර 4කින් පහළට වැටුනේ ඒ කාලය තුළයි. විදේශ ණය සහ විදේශ ණය අතර අනුපාතය 42:58 සිට 48:52 දක්වා වැඩි වුණා. 2015 සිට 2019 දක්වා රජය බදු ආදායම 65%කින් වැඩි කරගත් නමුත්, පොලිය වැඩි වීමෙන් සහ ආර්ථීක වර්ධනයේ පසුබෑමෙන් එම වාසිය ගිලිහී ගියා.
වත්මන් රජය 2020 වසරේදී මුහුණදුන් කොවිඩ්-19 අර්බුදය ඉදිරියේ, සමහර අංශ ඔස්සේ යහපත් ප්‍රතිඵල ලැබුණත්, සමස්තයක් වශයෙන් වසංගතයද සමග ආර්ථිකය තවදුරටත් දුර්වල වුණා. කොවිඩ්-19 වසංගතය නිසා දින 66ක් පමණ රට සම්පූර්ණයෙන්ම වසා තැබීම ඉදිරියේ, වර්ධන වේගය සෘණ 3.6%ක් බවට පත්වුණා. ඒ වගේම, ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 3,682ක් දක්වා පහළ ගියා. දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බිලියන 81ක් දක්වා අඩු වුණා. ද.දේ. නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බරතාවය 87% සිට 101% දක්වා වැඩි වූ අතරම, ණය තොගය රු.ට්‍රිලියන 13.0 සිට 15.1ක් දක්වා වර්ධනය වුණා. ඒ හරහා, පොලී අනුපාතය අඩු වුවද, පොලී වියදම ද.දේ.නිෂ්පාදිතයට සාපේක්ෂව 6.5%ක් දක්වා වැඩි වුණා. රුපියලේ අවප්‍රමාණය නිසා ණය තොගය රු.බිලියන 356කින් ඉහළ යාමක්ද සිදුවුණා.
මේ අතර ස්වෛරී බැඳුම්කර ඇ.ඩො.බිලියනයක් ආපසු ගෙවීමට සිදුවීම නිසාත්, සංචාරක ක්ෂේත්රය තුළ සාමාන්‍යයෙන් ඉපැයෙන ඇ.ඩො.බිලියන 4.5ක විදේශ විනිමය දරුණු ලෙස බිලියන 1ක් දක්වා අඩුවූ නිසාත්, විදේශ සංචිත ඇ.ඩො.බිලියන 7.6 සිට බිලියන 5.7ක් දක්වා අඩු වුණා. කොවිඩ්-19 වසංගතය ඉදිරිවේ වියදම රු.බිලියන 100කින් පමණ වැඩි වූ නිසාත්, බදු ආදායම අඩුවූ නිසාත්, අයවැය හිඟය 11.1%ක් දක්වා වැඩි වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 187 දක්වා 2.6%කින් අවප්‍රමාණය වුණා. එසේ වුවද, මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳ පොළත් ඇ.ඩො.මිලියන 283 මිලදි ගැනීමක් කරන ලද අතර, 2021 දී දැනට මිලියන 130ක මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා. ඒ වගේම ණය ශ්‍රේණීය CCC (Stable) දක්වා පහත හෙළනු ලැබුවා. විදේශ ණය සහ විදේශීය ණය අනුපාතය 48:52 සිට 40:60 දක්වා යහපත් අතට පිවිසුණා. 2020 දී පොලී අනුපාතය අඩුවීම තුළින් මුළු ආර්ථිකයටම යම් සහනයක් ලැබුණු අතර, ඒ වාසිය රජයටත් ලැබුණා. අපනයන ඇ.ඩො.බිලියන 10ක් දක්වා අඩු වුවද, ආනයන සීමා හරහා ආනයන/ අපනයන ශේෂය ඇ.ඩො.බිලියන 6ක් දක්වා අඩුකර ගැනීමට හැකි වුණා.
මේ වනවිට අප 2021 වර්ෂය ගැන කතා කළොත්, රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටමට වඩා පහළ වැටීම නිසා මූල්‍ය කළමනාකරණය පීඩනයකට මුහුණ දී තිබෙනවා. 2021 ජූලි මාසයේදී විදේශ ස්වෛරී ණය බැඳුම්කරයක් හරහා ඇ.ඩො.බිලියන 1ක් ගෙවිය යුතු වුවද, එයින් ඇ.ඩො.මිලියන 300ක පමණ කොටසක් ශ්‍රී ලාංකිකයන් සතු ස්වෛරී බැඳුම්කර නිසා, රටින් පිටතට ශුද්ධ විදේශ විනිමය ගලා යෑම ඇ.ඩො.මිලියන 700ක් පමණක් වනු ඇති. දැනට පවතින විදේශ සංචිතය ඇ.ඩො.බිලියන 4ක් වන අතර, මේ වනවිටත්, ඇ.ඩො.බිලියන 1.5ක SWAP මුදල් හුවමාරුවක් සඳහා පීපල්ස් බෑන්ක් ඔෆ් චයිනා සමග එලැඹී තිබෙනවා. ඊට අමතරව, නුදුරු අනාගතයේදී සංචිතයට එකතු වීමට ඇති විදේශ විනිමය ගැන කතා කළොත්, බංග්ලාදේශ් බෑන්ක් (SWAP) හරහා ඇ.ඩො.මිලියන 200ක්, රිසර්ව් බෑන්ග් ඔෆ් ඉන්දියා (SWAP) හරහා ඇ.ඩො.මිලියන 400ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඇ.ඩො.මිලියන 780ක්, චයිනා ඩිවෙලොප්මන්ට් බෑන්ක් හරහා ඇ.ඩො.මිලියන 200ක් එකතු වීමට තිබෙනවා.
ඉදිරි මාස 6 තුළද, දැනට පනවා ඇති නව රෙගුලාසිවලට අනුව, තවත් ඇ.ඩො.මිලියන 500ක් පමණ විදේශ විනිමය වෙළෙඳපොළවලින් මිලදීගෙන සංචිතය වර්ධනය කර ගැනීමට මහ බැංකුව බලාපොරොත්තු වන බවට දැනටමත් මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම, ආනයන යම් සීමාවලට භාජනය කර ඇති නිසා, සමස්ත ආනයන ඇ.ඩො.මිලියන 700කින් පමණ අඩුව ඇතැයිද මහ බැංකුව පුවරෝකතනය කොට තිබෙනවා. තවද, මේ වනවිට විදේශ සංචිත වැඩි කරගැනීම සඳහා තවත් ද්විපාර්වික සාකච්ඡා කිහිපයක්ම කෙරෙමින් පවතින අතර, ඇ.ඩො.මිලියන 500ක සින්ඩිකේටඩ් ලෝන් ක්රවේදය හරහාත් මුදල් ලබා ගැනීමට කටයුතු පිළියෙළ කරමින් පවතිනවා.
2021 සඳහා පළමු මාස 6 තුළදී, රජයේ ආදායමෙන් 34% ක් පමණක් එකතු කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ වගේම, රාජ්‍ය පුනරාවර්තන වියදමින් 48%ක් වැය වී ඇති අතර, ප්රාග්ධනධන වියදමින් 30%ක් දැනටමත් ආයෝජනය කර තිබෙනවා. දැනට ඩොලරයට සාපේක්ෂව රුපියල, 200ක පමණ මට්ටමක පැවතුණද, තවදුරටත් අවප්‍රමාණය වීමට පීඩනයක් තියෙනවා. ඊට මූලික හේතුව වන්නේ, අපනයනකරුවන් තමන් සතු විදේශ විනිමය රුපියල් බවට හරවා ගැනීමට පැකිළීමක් දැක්වීම සහ ආනයනකරුවන් හැකිතාක් ඉක්මනින් තමන්ගේ ආනයනය කිරීමට උත්සාහයක යෙදීම නිසයි. ඒ නිසා, රටේ යම් විදේශ විනිමය හිඟයක් ඇති වීමට ඉඩක් ඇති නිසා, ඒ සඳහා දැනටමත්, රජය සහ මහ බැංකුව විසඳුම් දෙමින් පවතිනවා.
ජාත්‍යන්තර ඛණිජ තෙල් මිල ඉහළ ගොස් ඇති නිසාත්, වසර ගණනාවක් පුරා ඛණිජ තෙල් සංස්ථාව සහ අනෙකුත් මූලික වාණිජමය රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකුවලට ගෙවීමට ඇති මුදල් සහ ණය ක්‍රම ක්‍රමයෙන් වැඩිවීම අවම කර ගැනීමට අවශ්‍ය නිසා, ඒවාවේ යම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබුණා. මෑතකදී තෙල් මිල වැඩි කිරීම, එයින් එක් ක්‍රියා මාර්ගයක් ලෙස හැඳින්විය හැකියි.
මේ සියලු තත්ත්වයන් යටතේ රජය සහ මහ බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් විවිධ ක්‍රියාමාර්ග කිහිපයක්ම දියත් කොට තිබෙනවා. ඒ අනුව පොලී අනුපාතය නොවෙනස්ව අඩු මට්ටමක පවත්වා ගෙන තිබෙනවා. රුපියල තවදුරටත් අවප්රමාණනොවී පවත්වාගෙන යමින් සිටිනවා. සියලුම අත්‍යවශ්‍ය වියදම් සඳහා ගෙවීම් කර තිබෙනවා. පොලී සහ ණය නියමිත වේලාවට ගෙවා තිබෙනවා. පවතින ව්‍යාපෘති සියල්ලම ක්‍රියාත්මක කිරීමට සහ පුනරාවර්තන වියදම් පියවීමට මුදල් ලබා දී තිබෙනවා. බොහෝ දෙනෙකු පුන පුනා කීවද, රජය බදු බර වැඩි කර නැහැ. විපක්ෂය දිනපතා උපදෙස් දුන්නද, IMF වෙත ගොස් ජනතාව මත තවත් බර පටවා නැහැ.
එහෙත් අපට විසඳීමට තවත් ප්‍රශ්න තිබෙනවා. ඒවාටත් අප විසඳුම් ලබාදෙන්නට අවශ්‍යයයි. ඒ සඳහා අප කටයුතු කරනවා. මොකද රට වසා තැබීම ඔස්සේ රජයේ ආදායම අඩුවීමේ අවදානම තවමත් තිබෙනවා. ආදායම අඩු වනවිට තව තවත් ණය ගැනීමට සිදුවී තිබෙනවා. රුපියල් පොලියට වඩා ඩොලර් පොලිය වැඩි නිසා, එහි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. අපනයනකරුවන් තමන් සතු විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමට මැලිකමක් දක්වන නිසාත්, ආනයනකරුවන් හැකි ඉක්මනින් ආනයනය කිරීමට උත්සහ දරන නිසාත්, වෙළෙඳපොළේ විදේශ විනිමය හිඟයක් මතුවී තිබෙනවා. තෙල් මිල වැඩි කිරීම නිසා, ඇ.ඩො.මිලියන 300ක පමණ විදේශ විනිමය ඉතිරියක් ඇති වුවත්, වෙනත් භාණ්ඩ ආනයනය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙනවා. යුරෝපා සංගමයෙන් ඒ රටවල ආනයනකරුවන්ට ශ්‍රී ලංකාවේ අපනයන සඳහා දැනට ලැබෙන GSP+ සහනය අත්හිටුවීවම් අවදානමක් මතු වී තිබෙනවා. රුපියගේ අගය සහ පොලී අනුපාතය දැන් තිබෙන මට්ටම්වල පවත්වාගෙන යාමට අපොහොසත් වුවහොත්, විදේශ ණය පියවීම සඳහා තවත් වැඩිපුර මුදලක් රජයට වෙන් කිරීමට සිදුවෙනවා.
ඒ නිසා අප මේ අභියෝග ඉදිරියේදී විචක්ෂණශීලීව අවුට් ඔෆ් ද බොක්ස් (සාමාන්‍ය රාමුවෙන් පිට සිතා) තීරණවලට එලැඹෙන අතරම, නව ණය-නොවන අලුත් විදේශ විනිමය උඵයන මාර්ග නිර්මාණය කරගත යුතු වෙනවා. දැනට අක්‍රීය සම්පත් හරහා විදේශ විනිමය ගලා ඒම වර්ධනය කිරීම එක් ක්‍රමයක්. ඒ වගේම බලශක්ති සඳහා ඛණිජ තෙල් පාවිච්චි කිරීම අවම කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති මාර්ග ඉතා ඉක්මනින් දියත් කළ යුතු වෙනවා. පෝට් සිටි (වරාය නගරය) සහ අනෙකුත් ව්‍යාපෘති කඩිනම් කළ යුතුයි. G2G ණය සහ CB2CB SWAPs (මහ බැංකු අතර මුදල් හුවමාරු) ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. දේශීය නිෂ්පාදන දිරි ගැන්වීම හරහා තව දුරටත් ආනයන අඩු කිරීම සහ අපනයනය ඔස්වසේ රටට ගලා එන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා (Conversion of forex) රෙගුලාසි ඉදිරිපත් කිරීමද වැදගත් වෙනවා. රජය, අපනයනයකරුවන්ට බදු නිදහස් සහ ඉතා අඩු බදු ලබාදී ඇති නිසා, ඔවුන් සතු විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමට රජය කරන ඉල්ලීම අසාධාරණ එකක් වන්නේ නැහැ. එසේම මේ වසරේ දෙසැම්බර් 31 දක්වා ආනයන සීමා කිරීමට මහ බැංකුව සහ රජය සලකා බැලීමද සිදුවෙනවා. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අවම කිරීමට කටයුතු ආරම්භ කිරීමද වැදගත් වෙනවා. කාබනික පොහොර නිපදවීම ඇතුළු දේශී්‍ය ආර්ථීක ක්‍රමවේදයන්ට විශේෂ තැනක් දෙමින්, දේශීය ආර්ථිකය දිරිගැන්වීම කළ යුතුයි. එන්නත්කරණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමද අප කළ යුතුයි. එවිට සංචාරක ක්ෂේත්රයේ දියුණුව සහ නව රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන්, ආර්ථිකය නැවත ස්ථාවර කර ගැනීමට හැකි වෙනවා.
මේ අවස්ථාවේදී රටට රජය ලබාදෙන පණිවුඩය වන්නේ වර්තමාන පීඩිත ආර්ථිකමය තත්ත්වය තාවකාලික එකක් බවයි. වර්තමාන ආර්ථික කළමනාකරණය හරහා දියත් කර ගත යුතු ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වෙනවා. එසේ කළහොත් 2022 වනවිට වඩාත් යහපත් තත්ත්වයකට ආර්ථීකය නැවත පිවිසෙනු ඇති බව අපේ විශ්වාසයයි."