ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන කොරෝනා තොරතුරු දත්ත අනුව මේ වනවිට ලොවපුරා ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් සමග අලුත් රැල්ලක් ආරම්භ වන ආකාරය දැකිය හැකි අතර, බ්‍රසීලය මේ තත්ත්වය තුළ වඩාත් දරුණු බලපෑමකට ලක්වූ රටක් බවට පත්ව තිබේ.
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 100,000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට දෛනිකව වාර්තා කරන අතර, නිල සංඛ්‍යාලේඛන අනුව මේ වනවිට 310,550ක පමණ පිරිසක් එරට වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී මාර්තු 19දා සිට 25දා දක්වා මරණ 15,963ක් සහ පෙර සතියේ මරණ 14,610ක් වූ අතර, මේ දක්වා වසංගතයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සමග බ්‍රසීලයේ දත්ත වඩාත් නරක තත්ත්වයකට පත්ව තිබේ.
එමෙන්ම ඉන්දියාවද මේ වනවිට නව වෛරසය ප්‍රභේද සමග ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා කර ඇති අතර, ඔවුන් රට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට කටයුතු කර ඇත්තේ එබැවිනි.
මේ සියලු තත්ත්වයන් සලකා බැලීමේදී කොවිඩ්-19 තවදුරටත් ලෝකයෙන් පහව නොගිය බව සත්‍යයකි. මේ නිසා ගෝලීයකරණය වූ ලෝකයක් තුළ ජීවත් වන සියලුම රටවල් ඒ ඒ රටවල දැනටමත් සිදුකරන මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථකරණය) වැනි ක්‍රියාවන් වඩාත් බලාත්මකව සිදුකිරීම මෙන්ම, එන්නත්කරණය වේගවත් කිරීමද මෙම වෛරසය ජයගැනීමට ඇති එකම විසඳුම වනු ඇත.