කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 394,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (06දා) අලුයම වනවිට එම අගය පැවතුණේ 394,018ක් වශයෙනි.
එසේම ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිත වූවන් ලක්ෂ 67 සීමාව පසුකර ඇති අතර, එම අගය අද අලුයම දැක්වුණේ 6,724,516ක් ලෙසිනි.
මේ අතර වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 30 සීමාවට පැමිණි ඇති අතර, ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයට අනුව එම අගය 2,996,832කි.