ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 355,575ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පිළිබිඹු කරයි.
එසේම ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිත අගය ලක්ෂ 57ක සීමාව වෙත පැමිණ ඇති අතර, අද (28දා) උදෑසන එම අගය දැක්වුණේ 5,690,182ක් වශයෙනි.
කෙසේ වෙතත් ලොව පුරා වෛරසය ආසාදිතයන්ගෙන් 2,349,598ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.