නිරිතදිග චීනයේ ටිබෙට් ස්වයං පාලන කලාපයේ ලාසා සහ නැග්ක් සම්බන්ධ කරන ලාසා-නැග්ක් අධිවේගී මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
එය G6 බීජිං-ලාසා අධිවේගී මාර්ගයේ කොටසක් වන අතර, එහි මුළු දිග කිලෝ මීටර් 295කි. මෙම අධිවේගී මාර්ගය පිහිටි භූමියේ සාමාන්‍ය උස මීටර් 4,500ක් වන බැවින්, එය ලොව උසම අධිවේගී මාර්ගය බවටද පත්ව තිබේ.
ටිබෙට් ස්වයං පාලන කලාපයේ අගනුවර වන ලාසා සහ උතුරු ටිබෙට් තණබිම් සම්බන්ධ කරන පළමු අධිවේගී මාර්ගය වන්නේද එයයි.
අධිවේගී මාර්ගය තණබිම්, හිම කඳු සහ තෙත්බිම් හරහා ගමන් කරන අතර, යංබාජයින් භූතාප උණුදිය උල්පත සහ නම්ට්සෝ විල වැනි මනස්කාන්ත දර්ශනීය ස්ථාන සම්බන්ධ කරමින් ගමන් කරයි.
G6 බීජිං-ටිබෙට් අධිවේගී මාර්ගයේ නයන්ග් කොටසේ ඉදිකිරීම් අධ්‍යක්ෂක වැන්ග්ජි ට්සෙරින් පැවසුවේ මෙම ඉදිකිරීම සිදුකිරීමේදී එම සානුවේ ස්වභාවික පාරිසරික තත්ත්වයන් ආරක්ෂා කරමින් ඉදිකිරීම් සහ සැලසුම් ක්‍රියාවලියේ වැදගත්කම නිරන්තරයෙන් සලකා බැලූ බවයි.
වනජීවී හා පශු සම්පත් ගමන් මාර්ගයක් සෑදීම සඳහා මෙන්ම ඇල්පයින් තණබිම් තණ තීරය ඉවත් කර නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශාල මුදලක් වැය කළ බව වැන්ග්ජි සෙසරිං පැවසීය.
ලාසා-නැග්ක් අධිවේගී මාර්ගය මගින් ලාසා සහ නැග්ක් අතර ගමන් කිරීමට ගතවන කාලය පැය 6 සිට පැය 3 දක්වා අඩුකර ඇත.