ලිබියාවේ, 2011 වසරේ ඇති වූ කැරැල්ලේදී බලයෙන් පහකර මරා දැමූ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සාදි ගඩාෆි ලිබියානු බලධාරීන් විසින් නිදහස් කර ඇතැයි වාර්තා වේ.
නේටෝ සහාය ඇතිව නැගී සිටි කැරලිවලදී සාදි ගඩාෆි නයිජර් වෙත පලා ගිය නමුත් 2014 දී ලිබියාවට පිටුවහල් කරන ලද අතර එතැන් සිට ට්‍රිපෝලි හි සිරගත කර තිබුණි.
මෙසේ නිදහස ලැබීමත් සමග සාදි ගඩාෆි වහාම ගුවන් යානයකින් ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය බව නිල ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට 47 වන වියෙහි පසුවන සාදි, ඔහුගේ පියාගේ පාලන කාලය තුළදී සිය සෙල්ලක්කාර ජීවන රටාව ගැන ප්‍රසිද්ධව සිටියේය.
හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා 2011 දී විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකළ අපරාධ සහ 2005 ලිබියානු පාපන්දු පුහුණුකරු බෂීර් අල්-රයානි ඝාතනය කිරීමේ චෝදනා යටතේ ට්‍රිපොලි බන්ධනාගාරයේ රඳවා සිටියේය.
2018 අප්‍රේල් මාසයේදී අභියාචනාධිකරණය විසින් රයානි ඝාතනයෙන් ඔහුව නිදහස් කළේය.
ලිබියානු විප්ලවයේදී ගඩාෆිගේ පුතුන් හත්දෙනාගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එතැන් සිට රට අවුල් ජාලාවකට ඇද වැටී ඇති අතර බලය සඳහා තරගයක් මිස රටට සෙතක් නොවීය.