ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි අද (18දා) පැවති ලොක්ඩවුන් විරෝධතා ව්‍යාපාරවලදී අවම වශයෙන් පුද්ගලයින් 235දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් නිලධාරීන් 10දෙනෙකු තුවාල ලබා තිබේ.
රටේ දෙවැනි ජනප්‍රියම නගරය වන මෙල්බර්න් මේ වනවිට අගුලු දමා ඇති අතර වසංගතය ආරම්භ වීමෙන් පසු එහි හයවැනි අවස්ථාව මෙයයි.
පොලීසිය පවසන්නේ විරෝධතා කණ්ඩායම් එකට ඒම වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් නිලධාරීන්ට පහරදීමක් සිදුවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් සිඩ්නි හි විරෝධතාකරුවන් රැස්වීම වැළැක්වීමට පොලිසිය සමත් වූ අතර නගරය පුරා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා තිබුණි.
නිව් සවුත් වේල්ස් පොලිසිය සඳහන් කළේ නගරයේදී පුද්ගලයින් 20දෙනෙකු පමණ, ප්‍රධාන වශයෙන් පොදු ප්‍රවාහන ජාලය හරහා අත්අඩංගුවට ගත් බවත්, තවත් කිහිප දෙනෙකු ප්‍රාන්තය වටා පැවති කුඩා රැස්වීම්වලදී අත්අඩංගුවට ගත් බවත්ය.
ඔස්ට්‍රේලියාව මේ වනවිට කොවිඩ් -19 ආසාදිතයින් 84,000කට අධික සංඛ්‍යාවක් පමණක් වාර්තා කර ඇති අතර, වෛරසය හේතුවෙන් මරණ 1,148ක් පමණක් සිදුව ඇති පසුබිමක මෙසේ විරෝධතා සිදුවෙයි.