රුසියාව තුළ භාවිතය සඳහා එරට නිෂ්පාදිත තෙවැනි කොවිඩ්-19 එන්නත සඳහාත් සෙනසුරාදා අනුමැතිය ලබාදුන් බව එරට අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා තිබේ.
කොවිවැක් ලෙස නම් කර ඇති මෙම එන්නත් තොගයේ 120,000ක පළමු මාත්‍රා තොගය මාර්තු මාසයේදී ලබාදීම සඳහා මුදාහරින බව කියයි.
ශාන්ත පීටර්ස්බර්ග් හි චුමාකොව් මධ්‍යස්ථානය විසින් කොවිවැක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත නිෂ්පාදනය කරනු ලබයි.