රුසියාව පසුගියදා සිය ස්පුට්නික්-වී එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා නවතම කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත විවෘත කර තිබේ.
මීට පෙර සෝවියට් විද්‍යාඥයන් ජීව විද්‍යාත්මක ආයුධ පිළිබඳව පර්යේෂණ මෙම ස්ථානය දැන් මහා පරිමාණ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කර ඇත.
කෙසේ වෙතත් රුසියාවේ නිධන්ගත රෝග නොපවතින සියලුම වැඩිහිටියන් පවා නොමිලේ එන්නත් ලබාගැනීමට මේ වනවිට සුදුසුකම් ලබා සිටියත්, මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබාගෙන ඇත්තේ ලක්ෂ 6කට අඩු පිරිසක් බව කියැවෙයි.
මේ තත්ත්වය තුළ එන්නත් ලබාගැනීම සඳහා ජනතාව උනන්තු කරවීමට විවිධ උපක්‍රමයන්ද එරට තුළ භාවිත වන බව කියැවෙයි.
ඒ අනුව ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත විදගන්නේ නම් චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාව දී ඇත්තේ දිරිගැන්වීමක් ලෙසිනි.
මෙම ස්ථානයේ දිනකට 200ක් පමණ එන්නත් කරන බව සඳහන් විය. එමෙන්ම දිවා ආහාරයෙන් හෝ රාත්‍රී ආහාරයෙන් පසුව එන්නත් ලබාගැනීමට හැකි ලෙස මොස්කව් හි ප්‍රකට ආපන ශාලාවන් හිද එන්නත් ලබාදීමේ අවස්ථා ක්‍රියාවට නංවා ඇත. එය ජනතාව එන්නත ලබාගැනීම සඳහා දිරිගැන්වීමටය.
මීට අමතරව ශාස්ත්‍රීය සංගීතයට ඇලුම් කරන්නන් සඳහා, මොස්කව්හි ඔපෙරා හවුස් හිද එන්නත් මධ්‍යස්ථානයක් ඇත. මෙම එන්නත වසංගතයෙන් බේරීමට ඇති හොඳම අවස්ථාව බවට පණිවිඩය ඒ හරහා ජනතාවට ලබාදෙයි.
කෙසේ වෙතත් රුසියාව තුළ එන්නත් ලබාගැනීම සඳහා ජනතාව තුළ ඇති උන්නදුව තවමත් ප්‍රමාණවත් තරම් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එය වසංගතය පරාජය කිරීමට එරට දරණ උත්සාහයට දැඩි බාධා එල්ල කර ඇත.