රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ සමීපතම පිරිස අතර ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම නිසා ස්වයං හුදකලාවකට ගොස් ඇති බව ක්‍රෙම්ලීනය තහවුරු කරයි.
ටජික් ජනාධිපති ඉමොමාලි රහ්මන් සමග දුරකථන සංවාදයකදී පූටින් සිය තීරණය ගැන සඳහන් කළ බව ක්‍රෙම්ලීනය මාධ්‍ය වෙත පවසා තිබේ.
නිරෝධායනය හේතුවෙන් සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ (CSTO) සමුළුවට, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සහ මේ සතියේ අග භාගයේ ටාජික් අගනුවර වන දුෂාන්බේ හිදී පැවැත්වෙන ඒකාබද්ධ CSTO-SCO රැස්වීමට තමන් මාර්ගගතව සම්බන්ධ වන බවද පූටින් විසින් රහ්මන්ට පවසා ඇත.
කෙසේ වෙතත් සමීපතමයන් අතර ආසාදිතයන් කිහිප දෙනෙකු තහවුරු වීමෙන් පසු පූටින් කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කිරීමේදී සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබී, ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වැඩිදුරටත් පැවසීය.