එක්සත් රාජධානියේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් පුද්ගලයන් හත් දෙනෙකු රුධිර කැටි ගැසීමේ සංකූලතා සමග ජීවිතක්ෂයට පත්ව ඇති බව එහි වෛද්‍ය නියාමකයන් පවසයි.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය නියාමකයන් පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු 24 වනවිට ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීම් සංකූලතා ඇති කළ පුද්ගලයින් 30 දෙනාගෙන් හත් දෙනෙකු මියගොස් ඇති බවයි.
මේ වනවිට එන්නත සෘජුවම මෙම තත්ත්වයට හේතුවී ඇතිද යන්න තහවුරු කරගෙන නැතත්, මෙවැනි සිද්ධීන් රටවල් කිහිපයකින්ම වාර්තාවීමත් සමග ඇතැම් රටවල් වයස අවුරුදු 60ට ඉහළ අයට පමණක් එන්නත නියම කර තිබේ. තවත් රටවල් කිහිපයක් එන්නත තාවකාලිකව අත්හිටුවා ඇත.