පේරු රාජ්‍යයේ කොවිඩ්-19 ආසාදිතයන් ගෙවීගිය දිනයේදී 5,563ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (02දා) අලුයම වනවිට පේරු රාජ්‍යයේ සමස්ත ආසාදිත අගය දැක්වුණේ 170,039ක් ලෙසිනි.
එසේම පේරු රාජ්‍ය මේ වනවිට ලොව පුරා වැඩිම ආසාදිතයන් වාර්තා වන රටවල් ලැයිස්තුවේ වේගයෙන් ඉදිරියට පැමිණෙන රටක් බවට පත්ව ඇත්තේ ඉතා කෙටි කලක් තුළ එහි 10 වැනි තැනට පත්වෙමිනි.
ගෙවීගිය දිනයේදී පේරු රාජ්‍යයෙන් නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 128ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 4,634ක් දක්වා ඉහළ තිබේ.
ලතින් ඇමරිකාවේ බ්‍රසීලය හැරුණු විට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වර්තා වන රටද පේරු රාජ්‍යයයි.