යුරෝපා සංගමයේ රටවල ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 70%ක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව යුරෝපා කොමිසම පවසයි.
යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ "යුරෝපා සංගමයේ වැඩිහිටියන්ගෙන් 70% කට පූර්ණ එන්නත ලබා දී තිබෙනවා. මේ විශිෂ්ඨ ජයග්රහණය ලබාදුන් බොහෝ දෙනෙකුට මම ස්තූති කළ යුතුයි." යනුවෙනි.