චීනයේ කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා යුරෝපයේ පළමු වැනි නිෂ්පාදන පහසුකම සර්බියාවේදී ඉදිකිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
සර්බියාවේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට වසරකට එන්නත් මාත්‍රා මිලියන 30ක් නිෂ්පාදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ සහ චීනයේදී සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වලින් එකක් වන සීනොෆාම් එන්නත සර්බියාවට සහ ඒ ආසන්න රටවලට සපයනු ඇති බව කියයි.
සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් සහ එරට චීන තානාපති චෙන් බෝ එක්ව නව කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබූ බව සර්බියානු ජනාධිපති කාර්යාලය පවසයි.
එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුස්කි මෙම වසර මුලදී සීනොෆාම් එන්නත විදගනු ලැබීය.