උතුරු මොසැම්බික්හි පල්මා නගරයට එල්ල වූ IS ඉස්ලාමීය ත්රස්තයන්ගේ ප්‍රහාරයකින් විදේශිකයන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් මියගොස් ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
විදේශිකයන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ආරක්ෂාව පතා රැඳී සිටි හෝටලයෙන් ඔවුන් මුදාගැනීමට යාමේදීද මෙසේ තවත් අමතර මරණ සිදුව ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙම මෙහෙයුමෙන් දෙස් විදෙස් තවත් විශාල පිරිසක් බේරාගැනීමට හැකිවූ බවද ආරක්ෂක අංශ පවසයි.
මොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් ඉතා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.