රුසියාවේ, මොස්කව් සෞඛ්‍ය බලධාරීන් විසින් අප්‍රේල් මාසයේදී නගරයේ කොරෝන වෛරස මරණ සංඛ්‍යාව සංශෝධනය කර ඇති අතර, මීට පෙර වාර්තා වූවාට වඩා දෙගුණයකට වඩා වැඩි පිරිසක් මිය ගිය බව දැන් අනාවරණය වී තිබේ.
ඒ අනුව කොවිඩ්-19 හි සිදුවී ඇති මරණ සංඛ්‍යාව 636 සිට 1,561 දක්වා ඉහළ නංවා තිබේ.
බොහෝ මාධ්‍ය ආයතන මැයි මස මැද භාගයේදී වාර්තා කළේ මොස්කව්හි අප්‍රේල් මාසයේදී මරණ අනුපාතය ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ සාමාන්‍යයට සාපේක්ෂව අතිරික්ත මරණ 1800ක් එකතු වී ඇති බවයි.
සමස්ත ආසාදන සංඛ්‍යාවක් ඇති රටවල් හා සසඳන විට රුසියාවේ නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාව සාපේක්ෂව අඩු මට්ටමක පවතින අතර, කොරෝනා වෛරසවල ධනාත්මක බව පරීක්ෂා කළ රෝගීන්ගේ මරණ ගණනය කිරීමට අවසර දෙන නිල ගණන් කිරීමේ ක්‍රම පිළිබඳව නිරීක්ෂකයන් ප්‍රශ්න කර තිබේ.
නගර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ නව ගණන් කිරීමේ මාර්ගෝපදේශයන්ට අනුව එම සංඛ්‍යාව සංශෝධනය කර ඇති අතර එහි සමස්ත සංඛ්‍යාලේඛනවල වඩාත්ම විවාදාත්මක සිද්ධීන් පවා ඇතුළත් කර ඇති බවයි.
මුලින් වාර්තා වූ මරණ 636ට අමතරව, කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ තවත් 756 දෙනෙකු අප්‍රේල් මාසයේදී මිය ගිය බව වාර්තාව හෙළි කරයි. ඔවුන්ගේ මරණ මුලින් වෙනත් හේතූන් නිසා සිදුවූ මරණ ලෙස ආරෝපණය වූ නමුත්, බොහෝ දෙනෙකුට වෛරසය ප්‍රධාන තත්ත්වයට උත්ප්‍රේරකය බවට පත්ව ඇති අතර, එහි මාරාන්තික සංකූලතා හේතු වූ බව වාර්තාව පවසයි.
කෙසේ වෙතත් සංශෝධිත මරණ සංඛ්‍යාව සමග වුවද, කොවිඩ්-19 හි රුසියාවේ මොස්කව්හි සමස්ත මරණ අනුපාතය ලන්ඩන් සහ නිව්යෝක් වැනි අනෙකුත් විශාල නගරවලට වඩා අඩු මට්ටමක පවතින බව මොස්කව් බලධාරීහු පැවසූහ.