කොවිඩ් -19 අවම කිරීමේ පියවර ලිහිල් කිරීම ක්‍රමයෙන් කළ යුතු බවත්, තවත් මාස කිහිපයක් මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාවක් පවතින බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය ෆවුසි සඳහන් කළේ මුඛ ආවරණ ඉවත් කරමින්, නැවත ගෘහස්ථ භෝජනයන්ට වාඩිවීම ඉතා ආරක්ෂිතව ක්‍රමයෙන් සිදුකළ යුතු දෙයක් බවයි.
"මුඛ ආවරණ පැලඳීමේ වැදගත් අවශ්‍යතාව තවමත් පවතිනවා. මම හිතන්නේ අපි තවමත් එය කළ යුතුයි. ඔබ පිරිස් එක්රැස්වීම වළක්වා ගැනීම අවශ්‍යයි. නමුත් ඔබට ක්‍රමයෙන් සීමිත අවන්හල් අවකාශ විවෘත කළ හැකි තත්ත්වයක් උදාවේවි. නමුත් එය ඥානාන්විතව හා ක්‍රමයෙන් කළ යුතුයි." වෛද්‍ය ෆවුස් පැවසීය.
මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව වසර ගණනාවක් පැවතිය යුතු බව තමා නොසිතුවත්, ප්‍රජාව තුළ වෛරස් මට්ටම අඩුවන තුරු එය සිදුකළ යුතු බව ෆවුසි අවධාරණය කළේය. "මම හිතන්නේ අපි අනාගතයේ තවත් මාස කිහිපයක් මුඛ ආවරණ පැලඳ සිටිය යුතු වෙනවා."
ඔහුගේ ප්රක්ෂේපණයට අනුව, මිනිසුන්ගෙන් 70%ත් 85% ත් අතර සංඛ්‍යාවක් එන්නත් කරන විට, ප්‍රජාව තුළ වෛරසයේ මට්ටම ඉතා අඩු විය හැකි අතර, දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තරමක් ලිහිල් කිරීමට හැකිවනු ඇත. එන්නත් ලබාදුන් සැණින් සියල්ල එකවර කළ නොහැකි බවද ඔහු පැවසීය.