කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේදී ප්‍රජා ප්රතිශක්තීකරණය හැකි ඉක්මණින් ඉහළ නැංවීම අරමුණින් මැලේසියාවේ ඇරඹෙන එන්නත්කරණය සඳහා වූ ප්‍රථම ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් තොගය ඊයේ (21දා) එරටට ලැබී තිබේ.
ඒ අනුව ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා 312,390ක් ක්වාලලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මැලේසියානු නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ පළමු වැනි අදියර ළඟදීම ආරම්භ කරන බව විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය කයිරී ජමාලුදින් එහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව එරට තුළ එන්නත ලබාදෙන පළමු වැනි පුද්ගලයා බවට අග්‍රාමාත්‍යවරයා පත්වනු ඇති බවද කියයි.