චීනයේ බීජිංහි ජෛව ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 ආරක්ෂණ එන්නත මාත්‍රාව 800,000ක් පමණ දෙවැනි එන්නත් තොගය ඊයේ (27දා) මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ.
මීට අමතරව, සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 ආරක්ෂණ එන්නත්වල පළමු වැනි තොගය මැලේසියාවට ඊයේ (27දා) ලැබී තිබුණි.
මීට පෙර ගිවිසුමක් යටතේ මැලේසියානු රජය සීනොවැක් වෙතින් එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය අර්ධ නිමි භාණ්ඩ මිලදී ගනිමින් මැලේසියානු සමාගමක් විසින් එන්නතෙහි අවසන් නිෂ්පාදනය රට තුළ සිදුකරනු ලැබීය.
ඒ අනුව මැලේසියාවේ ඖෂධ නියාමකයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු මෙම එන්නත දේශීයව ලබාගත හැකි බව බලධාරීහු පවසති.