සති අන්තයේ අගුලු දැමීමේ විරෝධතා ඇතිවේ යැයි සැක පහළ කරමින්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පොදු ප්‍රවාහන සේවා නවතා දහස් ගණන් පොලිස් භටයෙන් යෙදවීමට බලධාරීන් සැලසුම් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වනවිට දෛනික ආසාදිතයන්ගේ වාර්තාගත වැඩිවීමක් පෙන්වන පසුබිමක ලොක්ඩවුන් සීමා තවදුරටත් පැවතීම මේ ආකාරයෙන් උද්ඝෝෂණ පිළිබඳ ඉඟි පළ කර ඇත.
මේ තත්ත්වය තුළ එලැඹෙන සෙනසුරාදා පෙ.ව. 08.00 සිට ප.ව. 2.00 දක්වා නගරයට පොදු ප්‍රවාහන සේවා වසා දමන අතර, මාර්ග අවහිර කරමින් දහස් ගණන් පොලිස් නිලධාරීන් මෙල්බර්න් නගරයේ යොදවා ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය බදාදා සවස පැවසීය.
ඒ අනුව අනවසර මහජන ඒකරාශීවීම් සඳහා සහභාගී වන වරදකරුවන්ට ඩොලර් 5,500 බැගින් දඩ නියම කරන බවටද අනතුරු අඟවා තිබේ. වසංගතය ආරම්භ වූ දා සිට මෙල්බර්න් හි මිලියන පහක පදිංචිකරුවන් සිය 06 වැනි අගුලු දැමීම විඳ දරාගෙන සිටින අතර, එන්නත්කරණ අනුපාතය ඉහළ ගියවිට සීමා ලිහිල් කිරීමට බලධාරීන් බලාපොරොත්තු වෙයි.