චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොව්ඩ්-19 මර්දන එන්නත් සමූහයක් ඊයේ (25දා) මාලදිවයින වෙත භාරදී තිබේ.
එමෙන්ව චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 2ක පළමු වැනි තොගය යුක්රේනය වෙත ලැබී ඇති අතර, මෙය දෙරට අතර මිත්‍රත්වය මූර්තිමත් කරන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.
මීට අමතරව, චීනය පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් ඊයේ (25දා) ඇන්ගෝලා හි ලුආන්ඩා වෙත පැමිණියේය.
ඇන්ගෝලාවේ සෞඛ්‍ය අමාත්‍ය සිල්වියා ලුටුකුටා කියා සිටියේ වෛරසයට එරෙහි සටනේදී රට නව ආයුධයකින් සන්නද්ධ කරන බවයි. පරිත්‍යාග කරන ලද එන්නත චීනයේ සීනොෆාම් විසින් සංවර්ධනය කරන ලද අතර එහි ඉහළ කාර්යක්ෂමතාව සඳහා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති එන්නතක් බවද ලුටුකුටා සඳහන් කළේය.