මාලි ජනාධිපති ඉබ්රාහිම් බුබකාර් කීටා වහාම ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව ජාතික ගුවන් විදුලි නාලිකාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලේ වැගිරීම් වලක්වා ගැනීම සඳහා තමාට ඒ හැර වෙනත් තේරීමක් නැති බවත්, රටේ ජාතික සභාව සහ රජය විසුරුවා හරින බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
අප්‍රිකානු සංගමයේ සභාපතිවරයා පවසන පරිදි අඟහරුවාදා මුලදී එරට සැකකටයුතු හමුදා කුමන්ත්රණයකින් ජනාධිපතිවරයා සහ අගමැති බුබු සිස්සේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත සංගමයේ සභාපති මූසා ෆාකි මහමාත් හෙළා දුටුවේය.
"ජනාධිපති ඉබ්රාහිම් බුබකාර් කීටා, අග්‍රාමාත්‍යවරයා සහ මාලියන් රජයේ අනෙකුත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම මම තරයේ හෙළා දකින අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා" අප්‍රිකානු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
එසේම "සියලු ප්රචණ්ඩ ක්‍රියා නතර කරන ලෙස කැරලිකරුවන්ගෙන්" ඉල්ලා සිටි ඔහු, බලය යෙදවීමට විරුද්ධ වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (19දා) තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හදිසි රැස්වීමක් පවත්වන බව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සනාථ කළ බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජාතීන්ගේ සාකච්ඡා ප්‍රංශය සහ නයිජර් රාජ්‍යයන් විසින් ඉල්ලා සිටි බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි..
මීට පෙර අඟහරුවාදා මාලියන් අග්‍රාමාත්‍ය සිස්සේ ෆේස්බුක් හි භට පිරිස් වෙත ආයාචනයක් ඉදිරිපත් කර ඇති අතර හමුදාව තම ආයුධ බිම දමා සාකච්ඡාවක නිරත වන ලෙස ඉල්ලා සිටියේය.
"රජය තර්කානුකූල හා දේශප්‍රේමී හැඟීමක් ඉල්ලා සිටින අතර ආයුධ භාවිතය නතර කරන ලෙස ඉල්ලා සිටිනවා. සංවාදයේදී විසඳිය නොහැකි ගැටලු කිසිවක් නැහැ" යනුවෙන් මාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
75 හැවිරිදි මාලි ජනාධිපති කීටා මැයි මාසයේ සිට වැඩෙන මහජන අතෘප්තියට මුහුණ දී සිටින අතර, රටේ ඉහළම ව්‍යවස්ථා අධිකරණය විසින් මතභේදාත්මක පාර්ලිමේන්තු මැතිවරණවල ප්‍රතිඵල අවලංගු කිරීමෙන් පසුව, කීටාගේ පක්ෂයට පුරප්පාඩු වූ ආසනවලින් බහුතරයක් හිමි කර ගැනීමට හැකි විය.
මැතිවරණය පිළිබඳ ආරවුල් මාර්තු මාසයේ අගනුවර සහ අනෙකුත් නගරවල දිස්ත්‍රික්ක කිහිපයක පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩත්වයටද හේතු වී තිබුණි.
මාලි රාජ්‍යය මීට පෙර 2012 දී විශාල කැරැල්ලකට මුහුණ දුන්නේය. මධ්‍යම මට්ටමේ හමුදා නිලධාරීන්ගේ කුමන්ත්රණයකින් පසු ජිහාඩි කණ්ඩායම්වලට සහ ටුවාරෙග්හි කැරලිකරුවන්ට රටේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට එවරද අවස්ථාව උදා විය.
මාලි රාජ්‍යය ඇල්ජීරියාව, නයිජර් සහ මොරිටේනියාව සමග සිය දේශසීමා බෙදා හදා ගන්නා අතර, රටවල් හතරම කලාපයේ ඉස්ලාමීය කණ්ඩායම් වර්ධනය වීම සමගද සටනක නිරතව සිටියි.