එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) විසින් බදාදා ප්‍රකාශයට පත් කරන ලද සමූහ පුරෝකථනයකින් කියවුණේ 2021 මාර්තු 13 වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 530,000 සිට 559,000ක් දක්වා වාර්තා විය හැකි බවයි.
සමහර තනි මාදිලියේ පුරෝකථනයන් මෙන් නොව, CDC හි සමූහ පුරෝකථනය මගින් අනාගතයට සති කිහිපයක් පමණක් ප්රක්ෂේපණය කරයි. පෙබරවාරි 10 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද පෙර සමූහ අනාවැකිය, මාර්තු 6 වනවිට කොවිඩ්-19 වෛරසය අශ්‍රිත මරණ 540,000ක් දක්වා පුරෝකථනය කර ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව එක්සත් ජනපදයේ කොවිඩ් -19 රෝගයෙන් අවම වශයෙන් පුද්ගලයින් 490,160ක් අද (18දා) උදෑසන වනවිට මිය ගොස් ඇත.