මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පියවර වෙනුවෙන් ස්ථාපිත මුරපොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් අතර සිවිල් වැසියන් දෙදෙනෙකු, ගිනි සේවා දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් දෙදෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකුද ඇතුළත් බව කියයි.
අවුන්ග්මයයිතාසන් නගරයේ සෞඛ්‍ය ආරක්ෂක පියවර ගනිමින් සිටි කොවිඩ්-19 මුරපොළෙහි බෝම්බය පුපුරා ගොස් ඇති අතර, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා හමුදා රෝහල වෙත යවා ඇති අතර සැකකරුවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව වැඩිදුරටත් වාර්තා වෙයි.