ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළ අසලදී පසුගිය සතියේ ISIS-K මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 13දෙනා සඳහා ගෞරවය පුද කිරීමේ උත්සවයකදී ජනාධිපති බයිඩන් තම අත්ඔරලෝසුව දෙස බැල්මක් හෙළමින් වෙලාව බැලීම බොහෝ ඇමෙරිකානුවන්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
ප්‍රහාරයෙන් මියගිය භටයින්ගේ පවුල්වල සමාජිකයන්ද එහිදී බයිඩන් මුණගැසුණු අතර, ඩෝවර් ගුවන් හමුදා කඳවුරේ සිටියදී විදේශීය සටන්වලින් මියගිය අයගේ දේහයන් ලබාගැනීමේ හමුදා චාරිත්‍රයේදී මියගිය හමුදා භටයන් වෙත ගෞරවය පුද කිරීමේ අවස්ථාවට ඔහු සහභාගී වී සිටියදී මෙම සිදුවීම සජීව ලෙස ප්‍රචාරය කෙරිණි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට සැබෑ ලෙසම එම අවස්ථාවත් සමග ඒකාත්මික වීමට වුවමනාවක් නොතිබුණු බවටත්, වෙලාව බලමින් ඊට සහභාගි වීමෙන් ඔහු හදවතින්ම මියගිය ඇමෙරිකානු සෙබලුන්ට ගෞරවය පුද නොකළ බවටත් සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්විය.