පැරිසිය පුරා පුද්ගලයන් 130දෙනෙකු ඝාතනය කළ ජිහාඩ් කැරැල්ලේ ප්‍රධාන විත්තිකරු තමා "ඉස්ලාම් රාජ්‍ය සොල්දාදුවෙකු" ලෙස 2015 ත්‍රස්ත ප්‍රහාරයේ නඩු විභාගය ආරම්භ කරමින් අද (08දා) කියා සිටියේය. මෙම ප්‍රකාශය තවදුරටත් තර්ජනයක් ලෙස ප්‍රහාරයෙන් ගත්දිවි ගලවා ගත් ඇතැම් දෙනාව උසාවි භූමිය තුළ නොසන්සුන්තාවට පත්කර තිබුණි.
31 හැවිරිදි සලාහ් අබ්දෙස්ලාම් කළු ඇඳුමින් සැරසී කළු පැහැති මුඛ ආවරණයක් පැලඳගෙන අධිකරණයට පෙනී සිටි අතර, 2015 නොවැම්බර් 13 වැනි දින අවන්හල් හයකට සහ බාර්වලට, බැටාක්ලාන් ප්‍රසංග ශාලාවට සහ ක්‍රීඩාංගනයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව චෝදනා ගොනුවූ සැකකරුවන් 20දෙනාගෙන් අයෙකි.
ප්‍රංශ සහ මොරොක්කෝ ජාතිකත්වයක් හිමි මොහු සිය මුඛ ආවරණය ඉවත් කරමින් අධිකරණ භූමියේදී තවදුරටත් කියා සිටියේ, "ඉස්ලාම් රාජ්‍ය සොල්දාදුවෙකු වීම සඳහා මම මගේ රැකියාව අත්හැරියා." යනුවෙනි.
ප්‍රහාර සිදුකළ කණ්ඩායමේ දැනට දිවි ගලවා ගත් එකම පුද්ගලයා ඔහු යැයි විශ්වාස කෙරේ. අනෙක් සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ තුවක්කු සහ කාර් ලබාදීමට හෝ ප්‍රහාර සංවිධානය කිරීමට උදව් කිරීම සම්බන්ධයෙනි. ජීවිත හානි සහ තවත් සිය ගණනක් තුවාල ලැබූ මෙම ප්‍රහාරය ජාතියේම මනස ව්‍යාකූල කළ දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සටහන්ව තිබේ.
ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමට එරෙහි සටනට සම්බන්ධ වීම නිසා ප්‍රංශයට පහර දෙන ලෙස සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටි ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ම්ලේචඡ ප්‍රහාරයේ වගකීම එවකට භාරගෙන තිබුණි.
බැටාක්ලාන් ප්‍රසංග ශාලාවේදී දිවි ගලවා ගත් පුද්ගලයන් 8 දෙනෙකුගේ නීතීඥ වික්ටර් එඩෝ පැවසුවේ අබ්දෙස්ලාම්ගේ ප්‍රකාශය ඉතා ප්‍රචණ්ඩකාරී බවයි.
"මගේ සේවාදායකයින්ගෙන් සමහරක් අයට තවම සුපුරුදු ජීවිතය ගත කරන්නට බැහැ. ඔවුන්ට මේ පුද්ගලයාගේ ප්‍රකාශය හරහා නව තර්ජනයක් ඇතිවී තිබෙනවා" ඔහු පැවසීය. "නඩු විභාගය ඇසෙන මාස නවයක් පුරා එය එසේ වනු ඇති."
මේ අතර තවත් සමහරු කියා සිටියේ අබ්දෙස්ලාම්ගේ ප්රකාශයන්ට වැඩි වැදගත්කමක් නොදක්වා සිටීමට උත්සාහ කරන බවයි. බැටාක්ලාන් සිද්ධියේදී දිවි ගලවා ගත් තියරි මැලට් පැවසුවේ, "මම තවත් කම්පනයට පත් විය යුතු නැහැ. මම බය නැහැ." යනුවෙනි.
උසාවියේ ඉහළම විනිසුරුවරයා විසින් නම ලබාදෙන ලෙස ප්‍රධාන විත්තිකරුගෙන් ඉල්ලා සිටි විට, ඉස්ලාමීය දිවුරුමකට අනුව "ෂහදා" යන වචනය භාවිත කරමින් ඔහු කියා සිටියේ, "මට අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නැහැ. මොහොමඩ් ඔහුගේ සේවකයා බවට මට සාක්ෂි දීමට අවශ්‍යයි." යනුවෙනි.
කෙසේ වෙතත් අනෙකුත් විත්තිකරුවන් විසින් තම නම් සහ වෘත්තීන් ලබාදෙන ලදී.
මෙම නඩු විභාගය මාස 9ක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, 1,800කට ආසන්න පැමිණිලිකරුවන් සහ නීතිඥයන් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වේ. එය ඓතිහාසික නඩු විභාගයක් බව අධිකරණයේ ඉහළම විනිසුරු ජීන් ලුවී පෙරීස් පැවසීය.
මේ අතර ප්‍රහාරය පිළිබඳ නඩු විභාගය අතරතුර ප්‍රංශයේ ත්‍රස්තවාදී තර්ජනය ඉහළ ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු ඇමති ජෙරල්ඩ් ඩර්මනින් පැවසීය. මේ නිසා නඩු විභාගය පැවති උසාවිය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරයද දැකගත හැකි විය.