මැදි ආදායම් ලබන රටවලට කොවිඩ්-19 වසංගතයෙන් මිදීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන්, ඔවුන්ට වැඩි ණය සහනයක් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලීමක් කර තිබේ.
"ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහ අර්ථවත් ණය අඩුකිරීමකට ඉඩ සලසන නවෝත්පාදන උපකරණ මගින් මධ්‍යම ආදායම් ලබන රටවලට ආයෝජන ඉහළ නැංවීමට සහ කොවිඩ්-19 අර්බුදය හමුවේ ඔරොත්තු දීමේ සහ තිරසාර ප්‍රකෘතියක් ලබා ගැනීමට ඔවුන්ගේ මූල්‍ය අවකාශය පුළුල් කිරීමට උපකාරී වනු ඇති." මැදි ආදායම් ලබන රටවල් පිළිබඳ රැස්වීමට සහභාගී වෙමින් ගුටරෙස් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් හිමි මෙම රටවල් සමූහයට ගෝලීය අර්බුදය හමුවේ යථාතත්ත්වයට පත්වීම සඳහා මූල්‍යකරණයේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ ප්‍රධාන නිලධාරියා මෙසේ අවධාරණය කළේය.
සැබවින්ම කොවිඩ්-19 හි සමාජ හා ආර්ථික බලපෑම සමග සාර්ථකව කටයුතු කිරීම සඳහා මැදි ආදායම් ලබන රටවල ණය 2022 දක්වා අත්හිටුවිය යුතු බවද ඔහු පැවසීය. වසංගතයට පෙර බොහෝ අය මේ වනවිටත් ණය වැඩි කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටි අතර, එය තත්ත්වය තවදුරටත් උග්‍ර කරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
"නිදසුනක් වශයෙන්, කුඩා දූපත් රාජ්‍යවල සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම ණය ආපසු ගෙවීමේ හැකියාවට බෙහෙවින් බාධාවක් වී තිබෙනවා. ණය අර්බුදයට ගෝලීය ප්‍රතිචාරය අඩු ආදායම්ලාභී රටවලට සහාය දැක්වීමට නිවැරදිව උත්සාහ කරන අතරතුර, මධ්‍යම ආදායම් ලබන රටවල්ද අත් නොහැරිය යුතුයි." ඔහු පැවසීය.
වසංගතයට පෙර ලෝකයේ දුප්පතුන්ගෙන් 62%ක් පමණ වාසය කළ ලෝකයේ මැදි ආදායම් ලබන රටවල් තුළ බැවින් මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වෙයි. බිලියනයකට වඩා වැඩි ජනගහනයක් සිටින ඉන්දියාව සහ 20,000කට වඩා අඩු ජනගහනයක් සහිත පැසිෆික් සාගරයේ දූපත් සමූහයක් වන පලාවු මෙම ලැයිස්තුවට ඇතුළත් ය.
ජනගහනයේ ප්‍රමාණයට අමතරව, මෙම රටවල් වාර්ෂිකව ඇ.ඩොලර් 1,000 සිට ඩොලර් 12,000 දක්වා පරාසයක ඒක පුද්ගල ආදායම්වල සිටියි. එමෙන්ම භූගෝලීය පිහිටීම මෙන්ම ආදායම් මට්ටම්වලද වෙනස්කම්වලින් පෙන්නුම් කෙරෙන්නේ ණය සහන සඳහා ඒක පුද්ගල ආදායම් සීමාවන් ඉක්මවා යන බවය.
ගුටරෙස් අවධාරණය කළේ ඔවුන්ගේ නැගීඑන සහ තිරසාර නොවන ණය මට්ටම්වලට විසඳුම් සෙවීමට වඩා හොඳ යාන්ත්‍රණ හා ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාවයි.
"ණය ගෙවීම පැහැර හැරීම් වළක්වා ගැනීමට මෙම රටවල් සමත් වුවද, ඉදිරි වර්ෂවලදී විවිධ සංවර්ධන හා දේශගුණික අරමුණු සඳහා රජයේ තීරණාත්මක වියදම් සඳහා දිගු කාලීන සීමාවන් කිරීමට ඒ තුළ ඔවුන්ට සිදුවේවි" ඔහු අනතුරු ඇඟවීය.
ඒ අනුව ණය හුවමාරුව, මිලදී ගැනීම් ආපසු ගැනීම සහ අවලංගු කිරීම් ඇතුළත් "නව ණය යාන්ත්‍රණයක" අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය මඟහරවා ගැනීම සඳහා වන සහයෝගය වැඩි කිරීම සඳහා මහලේකම්වරයා පසුගිය මාර්තු මාසයේ දී ලෝක නායකයන් කැඳවා තිබුණි.
පසුගිය වසරේදී G20 ප්රමුඛ ආර්ථිකයන් විසින් ණය සේවා අත්හිටුවීමේ වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත්කළ අතර, එය ලෝකයේ දුප්පත්ම රටවලට ද්විපාර්ශ්වික ණය ගෙවීම් තාවකාලිකව නතර කිරීමට ඉඩ සලසයි.