කාලයත් සමග කොවිඩ්-19 වෛරසයට එරෙහිව මොඩෙර්නා එන්නතින් ලබාදෙන ආරක්ෂාව අඩුවන බව එම එන්නත් සම්බන්ධයෙන් වූ නවතම අධ්‍යයන දත්තවලින් පෙන්නුම් කර ඇති බවත්, මේ නිසා වැඩිවන ආසාදන පාලනය කරගැනීම සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බවත් එම සමාගම පවසයි.
mRNA මාදිලියේ ෆයිසර් සහ මොඩෙර්නා යන එන්නත් දෙකම සිය III වැනි සායනික අදියරවලදී වෛරසය ආසාදනය වීමෙන් අසාධ්‍යවීම වැළැක්වීම සහ මරණ අඩුකිරීම සඳහා බෙහෙවින් ඉවහල්වන බව පෙන්වා තිබුණත්, මෙම නවතම අධ්‍යයන තොරතුරු සමග මොඩෙර්නා සමාගම ඉහත අදහස ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙම නවතම විශ්ලේෂණයට අනුව කාලයාගේ ඇවෑමෙන් මොඩෙර්නා ඒනනත මගින් ලබාදෙන ආරක්ෂාවේ යම් පහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර, දළ වශයෙන් මාස අටකට පෙර එන්නත් කළ පුද්ගලයන්ට සාපේක්ෂව මාස 13කට පෙර එන්නත් කළ පුද්ගලයන් අතර ඉහළ ආසාදන අනුපාතයක් දක්නට ලැබුණු බව මෙම අධ්‍යයනය පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙය තවමත් සම-සමාලෝචනයට භාජනය වී නොමැති බවද කියයි.
මේ අතර මොඩෙර්නා සමාගම පසුගිය සැප්තැම්බර් 1දා බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීම සම්බන්ධයෙන් අනුමැතිය ලබාගැනීම සඳහා වූ සිය අයදුම්පත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය වෙත භාරදී තිබුණි.