මෙක්සිකෝවේ කොවිඩ්-19 වසංගතය ආරම්භ වූ දින සිට ගෙවීගිය පැය 24ක කාලයේදී එරට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ බව මෙක්සිකෝවේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඒ අනුව ගෙවීගිය පැය 24ක් තුළ කොරෝනා වෛරසය ආශ්රිත මරණ 1,092ක් හඳුනාගෙන ඇති අතර, මීට පෙර එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව 501ක් විය.
ඒ අනුව සමස්තයක් ලෙස මෙක්සිකෝවේ වෛරසය ආශ්රිත මරණ 11,729ක් මේ වනවිට වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
මෙක්සිකෝවේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ කොවිඩ් -19 හි තවත් ආසාදිතයන් 3,912ක්ද ගෙවීගිය දිනයේ වාර්තා වූ බවයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙක්සිකෝවේ මේ වනවිට ආසාදිතයන් 101,238ක් වාර්තා වී ඇති අතර, එය ආසාදිතයන් 100,000 සීමාව ඉක්මවා ගිය ලොව 14 වැනි රට බවට පත්ව තිබේ.