මෙක්සිකෝවේ ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 4,442ක් සමග තෙවැනි දිනටත් වාර්තාගත ලෙස ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මෙක්සිකෝවේ සමස්ත ආසාදිත අගය අද (5දා) දැක්වුණේ 105,680ක් ලෙසිනි. එනම් මෙක්සිකෝවද මේ වනවිට ආසාදිතයන් 100,000 සීමාව පසුකර ඇති රාජ්‍යයක් බවට පත්ව ඇත.
ඒ අනුව ගෙවීගිය දිනයේ එරටින් කොරෝනා වෛරසය ආශ්රිත මරණ 816ක් වාර්තා වූ අතර, ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 12,545ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් බ්‍රසීලයේ වෛරස ආසාදිතයන්ගෙන් 74,758 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවද ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.