ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ (30දා) ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග එන්නත් සඳහා ඇති සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි.
එමෙන්ම පූටින්ගේ දේශපාලන විරුද්ධවාදියෙකු වන ඇලෙක්සි නවාල්නිගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් ඔහුගේ සෞඛ්‍යය ආරක්ෂා කරන ලෙසත් මැක්රොන් සහ මර්කෙල් පූටින්ට පැවසූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මීට අමතරව නායකයන් තිදෙනා යුක්රේනය, බෙලාරුස්, ලිබියාව, සිරියාව යන රටවල තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර ඉරානය සිය ජාත්‍යන්තර බැඳීම්වලට පූර්ණ ලෙස අනුකූල වන පරිදි උත්සාහයන් සම්බන්ධීකරණය කිරීමට එකඟ වූහ.